Sinhala Mark's Official Blog Site

Archive for April, 2011

වැඩ ඇල්ලීම, මූනුපොත සහ ඩෝං කරල්

ලොල්. ඕන් ඉතිං හා හා පුරා කියල අලුත් අවුරුද්දත් ලැබුව කියමුකො. අනේ මන්ද. මුන් වැඩ අල්ලන්න FB එකට එනව කිව්ව. ඒ වෙලාවෙ බාගෙට බාගයක් අර ඩෝං කරල් පත්තු කොරන්ට ගිහින්. මාත් පත්තු කොලා. ගිනි කූර අතේ පත්තු වුනා. අතේ කියන්නෙ ඇඟිල්ල පිච්චුනා. 😀 ගිණිකූරෙන් බේරුනා ඇති.

පේස්බුකිය දාල යන්න එපා

පොල් ගෙඩියක් හැටයි
ගොස් ඇත ගෑස් උඩමැයි
මූණුබුකියට මැයි
මෙයින් කෙලවේ අහෝ දුකමැයි

උද්දමනය වැඩියි
කියලා කියනවා මැයි
ජාල බිල නොගෙවැයි
නිසා නාවා මූනුපොතටයි

මූනුපොත සත වෙත
මුදල් ලැබගෙන දිව වෙත
නාවොතින් මෙය වෙත
බංකොලොත් වී මාව යනු ඇත

එනිසා සොඳින්නේ
සිතා සිටියත් ගින්නේ
කුසේ ඇවිලෙන්නේ
එන්න FB වෙත තොසිනේ

FB නම් සැපයි
නොම ඇත දුක් ම මෙහි මැයි
මේ බව සිතමිනැයි
නොයම් හැරලා මූනුපොත මැයි

රටට හෙන ගැහුවත්
පොල් නැතුව මිය ඇදුනත්
අහර ලෙස මෙයවත්
කන්න හැක FB ට ආවොත්

මාක් මාමාගේ කජු කැඩිල්ල

නිකං ඉන්න ගමන් කවි මඩුවට මං ගැන ලියපු ලස්සන කවි පන්තියක් දාන්න හිතුන. ඔන්න බලන්නකෝ. මට වුනු හදිය.

කජු පිරිලා ගස් වල අපෙ ගේ අයිනේ
ගත්තෙමි පොල්ල ගැසුවා ඉට වේගයිනේ
අහෝ දුකකි රතු රත්නය සීගිරි නේ
ගියා වගේ වැඩක්ය මට මෙදින වුනේ

වැදුනා පොල්ල ගොස් එහි තිබු මී මැස්සන්
සිටිනා කූඩුවට හයියෙන් බිම වට්ටන්
ඇවිස්සුනා වුනු විට එය එහි සිටි උන්
පන්න පන්න අනින්නටයි සූදානන්

දිව්වා දමා මුලු වැර මන් මහ හයියෙන්
හනේ හපොයි නැවතිල්ලක් නෑ නේ උන්
තව තව වැඩි කලා වේගය මම හයියෙන්
අවසන පැන්න ඇලකට විත් දුවගෙන මං

හපොයි මුන්ගේ තාක්ශනේ හරි දියුනුයි
එකතු වෙලා හැදුවා සම් මැරීනෙකුයි
ඇවිදින් යටින් ගැහුවා මිසයිලයෙකිනුයි
තිබ්බා වෙඩිත් එක පිට එක විනාසයයි

මටත් එවිට මතක් වුනා හොඳම දෙයක්
කිව්ව උන්ට මම FB ඇඩා වගක්
ඒක අහපු ගමන්ම එකෙකුගෙ මුහුණක්
ඇඹුල් වෙලා රතු වූවා වගේ හැඩක්

දු‍ටුවෙමි මමත් වෙයි වගෙ තව ලොකු අවුලක්
දැනගත් විටදි මං ගැන නෑ ඉවසිල්ලක්
ආව මුන් තවත් ආයුධ හමුදාවක්
අරං ඇවිත් ගහන්න වුනි සේනාවක්

අනේ දෙයියනේ මට වුනු වියෝයා
මී මැස්සන් වට කරගෙන දියෝයා
කුමක් කොරන්නද හැර ගුටි කනෝයා
ඉන්නට බෑ දැන්නම් කජු එපෝයා

මාක් මාමාගේ කජු කැඩිල්ල නම් කවි පන්තිය.
ශ්‍රී ජයවර්ධනපුර යුගයේ මඤ්ඤං පරපුරේ කවියෙකි මම. ළොල්. හොඳනම් කමෙන් එකක් දාන්න

Facebook එක වැදගත් ලෙස භාවිතා කරමු

මුහුණු පොත යනු බොහෝ දෙනා සිතාගෙන සිටින ආකාරයට හුදෙක් මිතුරු පි‍ටුවක් පමණි. එසේ කියාගන්න පණ්ඩිතයින්ට මෙයින් ලැබෙන ඵල ප්‍රයෝජන ගැන අංශු මාත්‍රයක හෝ අවබෝධයක් තියෙනවාදැයි සැක සහිතය. එසේ කියා ගන්නා පඬියන්ට මෙය පෙනෙන්නේ කාලය කා දැමීම සඳහා නිපදවූ තවත් එක් වෙබ් අඩවියක් ලෙසටය. මෙසේ සිතාගන්නා පණ්ඩිතයින්ට මෙම සමාජ ජාලය හරහා සිදුවන යහපත පිලිබඳ කුඩා හෝ දැනුමක් ලබා දීමේ අටියෙන් මෙසේ ලියමි.

Facebook යනු සමාජ ජාලයක් බව ඇත්තය. එහෙත් මෙහි එම සමාජ ජාලයට වඩා එහා ගිය යමක් තිබේ. මින් අපට යහළුවන් හඳුනා ගත හැකි වනවා සේම තම දැනුම දියුණු කරගැනීමටද ඉවහල් වේ. එය Facebook හි උපකාරයෙන් පමණක්ම කරනවා නොව, බ්ලොග් අඩවි වලද සහයෝගය ලැබේ. සින්ඩිකේටර හැරුණු විට බ්ලොග් අඩවියක් ජනප්‍රිය කරගැනීමට හැක් ප්‍රධානතම උපකාරකය Facebook ය. මෙහි මිලියන ගණන් පිරිස් එක්වී සිටින මිතුරු පි‍ටු ඕනෑතරම් ඇත. එවන් ස්ථානයකට තමන් ලියූ වැදගත් ලිපියක Link එකක් දැමූ විට එය බොහෝ දෙනා අතර බෙදාගත්තා වනු ඇත. එය තමන් දන්නා දෙයක් ගැන ලියූ අධ්‍යාපනිකමය ලිපියක් නම් ඉන් කියවන්නාට ලැබෙන ඵල ප්‍රයෝජන ඉමහත්ය.

මෙසේ Facebook එකට වී කාලය කා දමනවාට වඩා මෙවන් දෙයක් කිරීමට උත්සාහයක් ගැනීම තමාටද සමාජයටද වැඩ දායී වනු නිසැකය. තවද මෙහි නව ගෲප් වල ඇති Doc පහසුකම මඟින්ද තමන් දන්නා දේ Document එකක් ආධාරයෙන් ඉදිරිපත් කල හැක. තවද අවශ්‍ය නම් Note එකක් ආදාරයෙන්ද ඉදිරිපත් කල හැක. මෙය කියවා Facebook එකට වී වල පල් දොඩවමින් කාලය ගත කර මෙය කාලය කා දැමීමට සෑදූ අඩවියක්ය කියා මට දෙස් දෙවොල් තබන පණ්ඩිතයන් මෙහි සඳහන් ආකරයේ වැඩක් කලානම් මැනවි.

“ව්‍යාකරණ දෝශ ඇති. ලියන බාසාවෙන් ලියපු පලවෙනි බ්ලොග් පෝස්ට් එක. :D. ඉතිං ඔය දෝශ අල්ලං බයිට් නොකර ඒ තැන නිවැරදි කර පෙන්නල දෙන්න.”

මුහුනු පොත ගැන නිසදැසක්

ඔන්න නිකං ඉන්න ගමන් මුහුනු පොත ගැන ලිව්ව නිසදැසක් ලොල්ස්. හොඳද බලන්නකෝ

මූනුපොත
ඉහලින් නිල් අහස සේ නීල වර්ණ තීරුව බබලයි
පහතින් වලාකුළු රොදක් සේ පසුබිම බබලයි
දකින විට සිහිවේ මාව
නමින් එක Fඅචෙබූක්
මිලියන 500කි ජන ගහනය
සෑහෙන තොගයක් Fඅකෙ
වයිර්ස් පිරී ඇත
මිනිසුන් ඇත්බැහි වී ඇත
කාලය කා දමති මෙයට වී
ඒත් මා කුමක් කරන්නද ?
මාගේ ආදායම් මාර්ගය මෙය බැවින්
මට කල හැකි කිසිවක් නැත

මූනුබුකියේ ෆේක් මූනු

අනේ ඉතිං මම මේ ලඟදි බුකියට ජොයින්ට් වුන වෙලේ ඉඳන් ඇඩ් කරගාත්ත ෆ්‍රෙන්ඩ්ස් ලගෙන් 80% කටත් වඩා 100% ෆේක් අය. ජොලි නේ. නිකං බිග් බබූල් වගේ ලොල්. ඉතිං මූනු පොතේ මෙච්චර ෆේක්ල ඉන්නෙ ඇයි කියල නිකං හොයල බැලුව. බැලින්නම් කියාපි ඇත්ත නමෙන් එද්දි ජොලියක් නෑ. ෆේක් ඒවගෙන් තමා ජොලිය කියල. අනේ ඇත්තට. මම හිතන්නෙ මූනුපොතේ ෆේක් අකවුන්ට් වැඩියෙන් ඇත්තෙ ලංකාවෙන් වෙන්න ඇති. අනේ මන්ද. කොහොමත් ඉතිං මාත් ෆේක් නොවෙන ෆේක් වගේනෙ. ලොල්ස්

මගේ බුකියෙන් මටම කෙල වේ

අනේ ඉතිං ඔන්න මම අදත් උදේ වෙනද වගේම මූනුබුකියට ආව. උඩින් නිල්පාට තීරුව අහස වගේ ලස්සනට තියෙනව. යට සුදු පාට කොටස නිකං අහස වහ ගත්ත වලාකුළු වගේ. දකුනු පැත්තෙන් People you may be know කියල තියෙන කොටසෙ හොඳ හොඳ නම් වලින් ඉන්න අමුතු Fake Accounts ගොඩක් තිබ්බ. අනේ ඉතිං මාත් ඔන්න එක්කෙනෙක් ට Req එකක් යැව්ව. ආයෙ තව කෙනෙක්ට යැව්ව. ඔන්න ඉතිං ඔහොම 50 ක් 60 ක් ඇඩ් කරගත්ත. මෙන්න හිටි ගමන් මාව Log Out වුනා. අනේ ඉතිං මාත් ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. දන්නෙ නැද්ද මේ කාර්ය මණ්ඩලේ. මං කියන එකක් අහනවෑ. ඉතිං ඔන්න මම ආයෙත් ලොග් වුනා. මෙන්න හෙන අවවාද තොගයක් එනව. කියනව මම ඇඩ් කර ගත්ත වැඩියිළු. ඉතිං දවස් 4ක් යනකම් ආයෙත් Req යවන්න බෑ. අනේ ඉතිං. වෙන කෙනෙක්ට මේක වුනානම් මාක් ගෙ අම්ම තාත්ත මතක් කරල හරි බනිනවනෙ. ඒත් මං කියල මොනා කරන්නද ? මම මටම බැනගන්නද ? අනේ ඉතිං. දැන් ඔහේ බකන්නිලාගෙන ඉන්නව. අන්තිමට මගේ බුකියම මට විරුද්දව ගියා.

Tag Cloud