Sinhala Mark's Official Blog Site

අනේ ඉතිං මේ මූණුපොතේ වැරදි දකින අයට මේකෙන් දකින්න හොඳ දෙයක් ගෙනාව. මූනුපොතට ජොයින් වුන අය ගොඩක් කියන්නෙ මේක වැඩක් නෑ කියලනෙ. ඉතිං මේකෙන් ඔයාලගෙ සල්ලි ඉතුරු වෙන විදිහ මන් කියා දෙන්නම්. මේ දවස් වල මූනුපොතේ ඔහේ ඉන්න ගමන් මං දැක්ක සාස්තර අංකල් කියල කෙනෙක්ව. මොකක්ද ඇප් එකකුත් තිබ්බ. ඔන්න නිකමට වගේ ගිහිං බැලුව. මෙන්න යකෝ නිල් කැටේට දිලිසි දිලිසි සාත්තර කාමරයක්ම තියෙනව. යාලුවො ගැනද , තමන් ගැනද, ලව් මල ඉලව් ශිප් අනං මනං ගැනද, හැම සාත්තරයක්ම තියෙනව. අනේ ඉතිං ඒකට අපේ කාලෙ. සාත්තරයක් අහන්න ගව් ගනනක් දුර ගෙවාගෙන යන්න ඕනෙනෙ. දැන් ඒකට. කොම්පීතරේ ගාව ඉඳගෙනම සාත්තරේ අහන්න පුළුවන්. මාරයි නේද ? ඉතිං සාත්තර අහන කෙනා ගාවට ගිහින් මුදල් පරිත්‍යාග කොරල සාත්තර අහනවට වඩා නිකං FB ඇකවුන්ට් එකක් හදාගෙන සාත්තරයක් දෙකක් අහල, යාළුවො තරහ කරගෙන තරහ අය එක්ක අලුතෙ තරහ මරහ ඇති කරගෙන තියෙන මඟුල් කඩා ගෙන කැඩුන ඒව සෙන්තපෝච්චි වෙන්නම කඩාගෙන පුංචි පහේ හිච්චි ආතල් එකක් ගන්න එක කොයි තරම් හොඳද ? කාටවත් කරදරයකුත් නෑනෙ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: