Sinhala Mark's Official Blog Site

මුහුණු පොත යනු බොහෝ දෙනා සිතාගෙන සිටින ආකාරයට හුදෙක් මිතුරු පි‍ටුවක් පමණි. එසේ කියාගන්න පණ්ඩිතයින්ට මෙයින් ලැබෙන ඵල ප්‍රයෝජන ගැන අංශු මාත්‍රයක හෝ අවබෝධයක් තියෙනවාදැයි සැක සහිතය. එසේ කියා ගන්නා පඬියන්ට මෙය පෙනෙන්නේ කාලය කා දැමීම සඳහා නිපදවූ තවත් එක් වෙබ් අඩවියක් ලෙසටය. මෙසේ සිතාගන්නා පණ්ඩිතයින්ට මෙම සමාජ ජාලය හරහා සිදුවන යහපත පිලිබඳ කුඩා හෝ දැනුමක් ලබා දීමේ අටියෙන් මෙසේ ලියමි.

Facebook යනු සමාජ ජාලයක් බව ඇත්තය. එහෙත් මෙහි එම සමාජ ජාලයට වඩා එහා ගිය යමක් තිබේ. මින් අපට යහළුවන් හඳුනා ගත හැකි වනවා සේම තම දැනුම දියුණු කරගැනීමටද ඉවහල් වේ. එය Facebook හි උපකාරයෙන් පමණක්ම කරනවා නොව, බ්ලොග් අඩවි වලද සහයෝගය ලැබේ. සින්ඩිකේටර හැරුණු විට බ්ලොග් අඩවියක් ජනප්‍රිය කරගැනීමට හැක් ප්‍රධානතම උපකාරකය Facebook ය. මෙහි මිලියන ගණන් පිරිස් එක්වී සිටින මිතුරු පි‍ටු ඕනෑතරම් ඇත. එවන් ස්ථානයකට තමන් ලියූ වැදගත් ලිපියක Link එකක් දැමූ විට එය බොහෝ දෙනා අතර බෙදාගත්තා වනු ඇත. එය තමන් දන්නා දෙයක් ගැන ලියූ අධ්‍යාපනිකමය ලිපියක් නම් ඉන් කියවන්නාට ලැබෙන ඵල ප්‍රයෝජන ඉමහත්ය.

මෙසේ Facebook එකට වී කාලය කා දමනවාට වඩා මෙවන් දෙයක් කිරීමට උත්සාහයක් ගැනීම තමාටද සමාජයටද වැඩ දායී වනු නිසැකය. තවද මෙහි නව ගෲප් වල ඇති Doc පහසුකම මඟින්ද තමන් දන්නා දේ Document එකක් ආධාරයෙන් ඉදිරිපත් කල හැක. තවද අවශ්‍ය නම් Note එකක් ආදාරයෙන්ද ඉදිරිපත් කල හැක. මෙය කියවා Facebook එකට වී වල පල් දොඩවමින් කාලය ගත කර මෙය කාලය කා දැමීමට සෑදූ අඩවියක්ය කියා මට දෙස් දෙවොල් තබන පණ්ඩිතයන් මෙහි සඳහන් ආකරයේ වැඩක් කලානම් මැනවි.

“ව්‍යාකරණ දෝශ ඇති. ලියන බාසාවෙන් ලියපු පලවෙනි බ්ලොග් පෝස්ට් එක. :D. ඉතිං ඔය දෝශ අල්ලං බයිට් නොකර ඒ තැන නිවැරදි කර පෙන්නල දෙන්න.”

Advertisements

Comments on: "Facebook එක වැදගත් ලෙස භාවිතා කරමු" (2)

  1. balinnam mark ta wada mama dannawane fb gana 😛

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: