Sinhala Mark's Official Blog Site

අනේ ඉතිං මේ මූණුපොතේ වැරදි දකින අයට මේකෙන් දකින්න හොඳ දෙයක් ගෙනාව. මූනුපොතට ජොයින් වුන අය ගොඩක් කියන්නෙ මේක වැඩක් නෑ කියලනෙ. ඉතිං මේකෙන් ඔයාලගෙ සල්ලි ඉතුරු වෙන විදිහ මන් කියා දෙන්නම්. මේ දවස් වල මූනුපොතේ ඔහේ ඉන්න ගමන් මං දැක්ක සාස්තර අංකල් කියල කෙනෙක්ව. මොකක්ද ඇප් එකකුත් තිබ්බ. ඔන්න නිකමට වගේ ගිහිං බැලුව. මෙන්න යකෝ නිල් කැටේට දිලිසි දිලිසි සාත්තර කාමරයක්ම තියෙනව. යාලුවො ගැනද , තමන් ගැනද, ලව් මල ඉලව් ශිප් අනං මනං ගැනද, හැම සාත්තරයක්ම තියෙනව. අනේ ඉතිං ඒකට අපේ කාලෙ. සාත්තරයක් අහන්න ගව් ගනනක් දුර ගෙවාගෙන යන්න ඕනෙනෙ. දැන් ඒකට. කොම්පීතරේ ගාව ඉඳගෙනම සාත්තරේ අහන්න පුළුවන්. මාරයි නේද ? ඉතිං සාත්තර අහන කෙනා ගාවට ගිහින් මුදල් පරිත්‍යාග කොරල සාත්තර අහනවට වඩා නිකං FB ඇකවුන්ට් එකක් හදාගෙන සාත්තරයක් දෙකක් අහල, යාළුවො තරහ කරගෙන තරහ අය එක්ක අලුතෙ තරහ මරහ ඇති කරගෙන තියෙන මඟුල් කඩා ගෙන කැඩුන ඒව සෙන්තපෝච්චි වෙන්නම කඩාගෙන පුංචි පහේ හිච්චි ආතල් එකක් ගන්න එක කොයි තරම් හොඳද ? කාටවත් කරදරයකුත් නෑනෙ.

හුටා මැච් එකත් කෙලව ගත්ත නේද ? ඔන්න ලංකාව නෙමේ ඉන්දියාව පරාදයි කියන්නෙ මම JVP මාම කෙනෙක් නෙමෙයි ඕං. ලොල්, ඉතිං දැන් මොකෝ කොරන්නෙ ? අවුලක් නෑ. පකිස්ථානෙ වගේ හම්බයන්ගෙ රටකටත්, පර සුද්දන්ගෙ රටකටත් කප් එක නොගිහිං ඉන්දියාවට කප් එක ගිය එක ගැන සතු‍ටු වෙමු. :’

පොල් ගෙඩියක් හැටයි පඩිය සොච්චමයි
ඒත් ඉන්නෙ පේස්බුකියෙ අමතක කර ඒවා
පේස්බුකිය යනු රජයට නියම තැනකී
මුත්තා අපේ කීවා හොඳ කතාවක්

පොල් ගෙඩි මොටද තියෙනවනම් මේ FB
උස්සයි ලඟදි සෙට් වී I මුල FB
කන්න ඕනේ නෑ නිසා මේ FB
මාක් මාමෙ කරපන් තව තව FB

මූනුබුකිය මිලියනයට බෙදාගෙන
එක සියෙන් පන් වැඩි කර කපාගෙන
තොපි චැට් කරති එක පිට එක කියාගෙන
දෘඪ තැටි පිරෙනවා මෙහෙ මගෙ චැටාගෙන

දවසට හොයනවා කප් කෙල දහස් ගණන්
අකවුන්ට් පිරෙනවා මගෙ මොනර කොල වලින්
තොපිලට එගැන නොදැනේ Only වැට කරන්
මම ඔහෙ ඉන්නවා ජොලියෙ FB එක කරන්

තොපි මට බනිති කාලය කනවාය කියා
තොපි චැට් කරති ඒගැන නොදැනෙන ලෙසටා
මම මක් කරන්නද බොල තොපගේ ගොන් වැඩටා
මම ඔහෙ ඉන්නවා කරමින් මූනුපොතා

මූනුපොතයි නිල් පක්ශිය වලි අදිති
ඌ ගොඩ යනවාට මම හොඳ වැඩ කරති
හි‍ටු කියලා දාගෙන මොඩිෆයි කරතී
ඒකෙන් සමහරුන් මේපොත ඇතැර යති

අනේ ඉතිං මගෙ මූනුබුකිය හරහා මටම ගහන කාලයක්නෙ මේක. උන්ගෙන් අහපුවහම කියන්නෙ මූනුබුකිය මගෙ නෙමේලු. ඒක පොදු දේපලක්ලු. එතකොට තමා මට යකා නඟින්නෙ. ලොල්. ඉතිං මුන් කියනව මේකෙන් කාලය අපතේ යනවලු අනං මනං හේතු ගොඩායි. ඉතිං මට හිතුන මේකෙ නරක පැත්තම පේන මේ ගොබ්බයන්ට මේකෙ හොඳ පැත්ත පෙන්නල දෙන්න.

උඹල කියන ප්‍රධානම දේ මේකෙන් කාලය නාස්ති වෙනව කියන එකනෙ. ඉතිං බොලව් උඹල මොකටද මේකට වෙලා කාලෙ කකා චැට් කොරන්නෙ පලයන්කො FB එක දාල. හා හා එහෙම කිව්වට යන්න එපා. මටනෙ පාඩු. ඉතිං කාලෙ නොකා FB එකට වෙලා ඉන්න එකේ හොඳ දෙයක් කලා නම් ඉවරයිනෙ. ලොල්. මං හිතන්නෙ මේ මූණු පොතට බ්ලොග් ලියන කලාවක් හඳුන්වා දෙන්න. එතකොට හිතෙන හිතෙන එකාට තමන් දන්න දේවල් FB බ්ලොග් හරහා ලියල දැනුම බෙදාගන්න, නොදන්න අයට කියල දෙන්න පුළුවන්නෙ.

ලොල්. ඔන්න ෆයිනොල් මැං රාජයත් ගහන්න පටං ගත්ත. මොනව වෙයිද දන්නෙ නෑ. පලවෙනි විකට් එක යන ලකුණු ගාන ගෙස් කොරල මෙතන පහලින් දැම්ම නම් එල.

ඔන්න දැන් කට්ටිය දන්නවනෙ මම මූනුබුකියෙ ඇඩ්මින් අයිය කියල. ලොල්, ඉතිං මම මේ හදපු සමාජ ජාලෙ ගැන පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම මම මේක හැදුවෙ අතේ පයේ රුදාවට මිසක් ඔයාලට සේවයක් කොරන්ට එහෙම නොවේ. 2004 දි තමා මේක මම හැදුවෙ. දැන් කියාපිය පුළුවන්නම් අපෝ මේක තාම අවුරුදු 7 පොඩි එකෙක් කියල. හා හා එහෙම කියන්නෙ නෑ. අවුරුදු 7 වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්, ඉතිං මං මේක තනියෙන්නම් නෙමේ හැදුවෙ. ඔය යට ඉන්න සෙට් එකත් ඔකූ හෙල්ප් එකක් දුන්න.

Eduardo Saverin
Dustin Moskovitz
Chris Hughes

මට කොටන්න කම්මැලියි. එහෙනම් නැවැත්තුව. ඕක කියල හොඳ කුප්ප කමෙන්ට් එකක් දාල යන්නකො. :පී

Tag Cloud